අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම අනුරාධපුර, සාලියපුර “ශාන්ති සේවන” රජයේ වැඩිහිටි නිවසේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

සෑම වර්ෂයකම වැඩිහිටි නිවසේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමඟ ජාතික නිදහස් දිනය සමරනු ලබන අතර මෙවරද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එහිදි ප්‍රථමයෙන් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කර ආගමික වතාවත් සිදු කරන ලදී. වසර 78 ක් පුරාවට අප මාතෘ භූමිය නිදහස්, නිවහල්, ස්වෛරී රාජයක් ලෙස ගොඩ නැංවීම උදෙසා ඇස්, හිස්, මස්, ලේ,  දහඩිය වගුරුවා දිවිහිමියෙන් ජීවත පූජා කළ දැයේ විරුවන් සිහිපත් කළ අතර එම අය විසින් අපට උරුම කර දුන් නිදහස අර්ථවත් ලෙස ගත කරමු යන්න ප්‍රාදේශීය ලේකම් සුදර්ශණ දිසානායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

තවද, වැඩිහිටි නිවාසයේ වාට්ටු පිරිසිදු කර එම වැඩිහිටයන් උදෙසා දිවා ආහාරය ලබා දීමේ පිං කටයුත්තද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලදී.

මෙකී අවස්ථාව සඳහා උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයේ විහාරධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය විලච්චියේ සද්ධානන්ද ස්වාමින් වහන්සේ, සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේස් මධුසංඛ, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) රුවන් නයන අබේරත්න, පරිපාලන නිලධාරි අජන්තා ආරියසිංහ, පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ශාන්ති සේවන රජයේ වැඩිහිටි නිවාසයේ ස්ථාන භාර නිලධාරි ජේ.එස්.එන්.ජයවීර මහතා මෙන්ම කාර්ය මණ්ඩලය සහ වැඩිහිටියන් බොහෝ  දෙනෙක් සහභාගී වූහ.

සටහන:

එම්.ඩබ්.කේ.ජයලත්.

පරිසර සංවර්ධන නිලධාරි

 

1 2  3  4  5
 6  7  8  9  10
 11  12  13  14  15

News & Events

11
Mar2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top