මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කීපයකම නිවාස වලට දැඩි හානි සිදුවී තිබේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රාදේශීය ලේකම් තුමා, පරිපාලන නිලධාරිතුමා ඇතුළු කාර්යමණ්ඩල නිලධාරීන් ගරු අමාත්‍යතුමා සමග ආපදාවට ලක්වූ නිවාස පර්ක්ෂා කරමින්...
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ඩබ්.එම්.එස්.එල්.විජේසිංහ මහතා අද දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලද මොහොත.
ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු අප කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම් එක් කරන අතර ඔබතුමාට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරමු...

කළ / ඉදිරි වැඩසටහන් අනුමත කරගත යුතු සියලුම මාණ්ඩලික නිළධාරීන්, සංවර්ධන නිළධාරීන්, ක්ෂේත්‍ර නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් මින් ඉදිරියට කළ / ඉදිරි වැඩසටහන් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී මේ සමග ඇති ආකෘති භාවිතා කළ යුතු බව ප්‍රාදේශීය ලේකම් තුමා දන්වා සිටී.
පොසොන් පොහොයට සමගාමීව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති වාර්ෂික පිරිත් පිංකම මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ මෙවර පිංකම එක්දිනකට පමණක් සීමා වූයේ රටේ පවතින වසංගත රෝග තත්වය හේතුවෙණි. පරිපාලන නිලධාරිතුමා, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාමනිලධාරි තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙවර පිංකම් මාළාව හැඩගැන්විණි.






















