පොසොන් සති පිරිත් දේශනාව ආරම්භ කිරීමට ප්රථම සිදුකරන බෞද්ධ ආගමික චාරිත්රයක් වන පැන් පෙරහැර අද (06) සවස පැවැත්වී ය. තිසා වැවෙන් ලබාගන්නා පැන් ඉසුරුමුණි විහාරයේ සිට ජය ශ්රී මහා බෝධින් වහන්සේ අබියසට රැගෙන යාම මෙහිදි සිදු කරයි. ඒ අනුව ඉසුරුමුණි විහාරස්ථානය තුළ දී ආගමික වතාවත් පැවැත්විමෙන් අනතුරුව පැන් පෙරහැර ආරම්භ කළේ ය.
විවිධ සාම්ප්රදායික නර්තනයන් ඇතුළු පෙරහැර අංග රැසකින් සමන්විත අලංකාර පෙරහැරක් මෙහි දී සංවිධානය කර තිබුණි. මධ්යම නුවරගම් පළාත ප්රාදේශිය ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් සංවිධානය වන මෙම පෙරහැර සඳහා රාජ්ය හා පෞද්ගලික ආයතන රැසක්ම සිය දායකත්වය සපය යි.
පෙරහැර අවසානයේ මහමෙව්නා උයනේ තනා ඇති පිරිත් මණ්ඩපය තුල තැන්පත් කර ඇති මහා පාත්රයට එම පැන් පිරවිම සිදුකළේ ය. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයේ යි. ආගමික වතාවත් වලින් අනතුරු සති පිරිත ආරම්භ කිරිම අද රාත්රියේ ආරම්භ කරයි.
පැන් පෙරහැර අවස්ථාවට අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය , අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් වන සන්ධ්යා අබේසේකර , ශාමිලා වික්රමආරච්චි , මධ්යම නුවරගම් පලාත ප්රාදේශිය ලේකම් සුදර්ශන දිසානායක, දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ධම්මිකා පල්ලෙවත්ත ඇතුළු රාජ්ය නිලධාරින් පිරිසක් , සහ ප්රදේශයේ බැතිමතුන් සහභාගී වූහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය
අනුරාධපුරය
![]() |
|
|
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |




























