ජගත් පරිසර දිනයට සමගාමීව අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අසල භූ දර්ශනය අලංකාර කිරීමේ වැඩසටහනක් පැවැත්විය. ඒ අභයගිරි විහාරාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශණශූරි කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් හා ප්‍රධානත්වයෙනි.ඒ අනුව සමාධි බුද්ධ ප්‍රතිමාව අසල පූජා භූමියේ "සංසිපා" හෙවත් ඇක්ටේරියා පැළ 100ක් රෝපණය කිරීම සිදු විය.දෙස් විදෙස් සංචාරකයන්ගේ ගත සිත සනසන සමාධි ප්‍රතිමා වහන්සේ තව තවත් සමීප කිරීමට හා ආකර්ෂණීය භූමියක් බවට පත් කෙරලීම අරමුණ කර ගෙන පරිසර දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.මෙම අවස්ථාවේ දී කෙටි අනුශාසනයක් පැවැත් වූ අභයගිරි විහාරාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශණශූරි ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේ දේශනා කර සිටියේ උතුම් පිං බිමක් තුල සිදු කරන පරිසර අලංකාරය, රුක් රෝපණ වැඩසටහන කුසල් වැඩෙන උසස් ක්‍රියාවක් බවත්, රුක් රෝපණය මිනිසාට පමණක් නොව පෘථිවියේ ජීවත් වන සෑම ජීවියෙකුට ම තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන ප්‍රධාන වන ජලය, ආහාර, වාතය සහ ඖෂධ වැනි මූලික දෑ ලැබෙන බවත් එම නිසා බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ වන රෝප සුත්‍රයේ දී දේශනා කොට ඇත්තේ රුක් රෝපණය කුසල් වැඩෙන උතුම් ක්‍රියාවක් බවයි.මෙකී අවස්ථාව සඳහා සහභාගී වූ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙය මාහැඟි උතුම් පුණ්‍ය කටයුත්තක් බවත් සැදැහැවතුන්ගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් තුන්සිත පහදවාගෙන වන්දනා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට මේ තුළින් හැකියාව ලැබෙන බවයි.රමණීය, සුන්දර පරිසරයක් තුළ ආගමික වතාවත් සිදු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.ජගත් පරිසර දිනයට සමගාමීව ඇක්ටේරියා පැළ රෝපණය සඳහා අනුග්‍රහයක දායකත්වය දක්වන ලද්දේ සීසෙත් පදනමේ සභාපති ගීපද රචක ඉන්දික අප්පුරාළ, ජාතික හරිත පෙරමුණේ වෛද්‍ය පැතුම් කර්නල් යන මහත්වරුන් විසිනි.මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි එම්.ඩබ්ලිව්.කේ.ජයලත් මහතා සහ අභයගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු එම්.එච්.පී.ආනන්ද ජයවර්ධන යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණය තුළින් ය. අනුරාධපුර උඩමලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්දන වෑත්තෑව මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සහ අභයගිරි ව්‍යාපෘතියේ නිලධාරි ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.
තොරතුරු අනුග්‍රහය - මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි එම්.ඩබ්ලිව්.කේ.ජයලත්.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

























