මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කළ අ.පො.ස.(සා/පෙළ) විභාගය සමත් 2022 - 2024 අධ්‍යන වර්ෂය සඳහා උසස් පෙළ විභාගයට පෙනි සිටින දූ දරුවන් සඳහා "සිප්දොර ශිෂ්‍යත්වලාභි" වැඩසටහනට සමගාමීව "ගීතය තුළින් ජීවිතය දකිමු" යන්න තේමා කරගත්  රස වින්දන වැඩසටහනක් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී 2023.06.21 දින පැවැත්විය.
මේ සඳහා  කොට්ඨාසයේ තෝරාගත් ශිෂ්‍යත්වලාභි දරුවන් 64 දෙනෙක් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී විය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ අ.පො.ස.(උ/පෙළ) හදාරන දරුවන් මෙම කඩඉම් වසර දෙක අතර මඟ නැවතීම වළක්වා ගැනීමත්, යහපත් ආකල්ප වලින් සංවර්ධිත දරු පරපුරක් රටට දායාද කිරිමත්ය.
"ගීතය තුළින් ජීවිතය දකිමු" වැඩසටහනේ ප්‍රධාන ආරාධිත දේශනය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ඒ.වසන්ත මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු නදීෂා දිලානි ජයපත්ම මහත්මිය, බැංකු සමිති කළමනාකරු ගයාන් ජී මුදියන්සේ මහතා, සමාජ සංවර්ධන නිලධාරි චන්දන ප්‍රේමසිරි මහතා ඇතුළු සමෘද්ධි අංශයේ නිලධාරි මහත්ම මහත්මින් බොහෝ පිරිසක් සහභාගී විය.
තොරතුරු අනුග්‍රහය - මධ්‍යම නුවරගම් පළාත ⁣ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි  .එම්.ඩබ්.කේ.ජයලත්.

       
         

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top