මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්ෂික පිරිත් පිංකම 

============================================================
2024 නව වසරට සෙත්පතා වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පිංකම මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 29 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් විය.උදාවන 2024 නව වර්ෂය වෙනුවෙන් මහ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ රටට, ජාතියට සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට  සෙත්පතා සර්ව රාත්‍රී පිරිත් සජ්ඣයානාව පවතින ලදී.30 වැනිදා උදෑසන අනුරාධපුර ලංකාරාමාධිකාරි පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමින් වහසේ වරක් ප්‍රමුඛ කොටගත් භික්ෂුන් වහන්සේලා 27 නමක් උදෙසා උදෑසන සාංඝික දානමය පිංකමක් ද පවත් වන ලදී. මේ අවස්ථාව සඳහා මධ්‍යම නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් සංජය ලක්මාල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.


තොරතුරු අනුග්‍රාහය - එම්.ඩබ්.⁣කේ.ජයලත් (මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි, මධ්‍යම නුවරගම් පළාත. දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය අනුරාධපුර)

 FB_IMG_1708336003733.jpg  FB_IMG_1708336011455.jpg  FB_IMG_1708336006384.jpg  FB_IMG_1708336008856.jpg  FB_IMG_1708336000686.jpg

 

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top