අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙවර හිසතෙල් ගෑමේ මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පසුගිය දා පැවැත් වුණා. අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙවර හිසතෙල් ගෑමේ මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පසුගිය දා පැවැත් වුණා. සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ සුවිශේෂි චාරිත්‍රාංගයක් වන හිස තෙල් ගෑමේ නැකත 2024.04.15 දින පූර්ව භාග 10.17ට යෙදී තිබුණි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ සඳහන් වේ.වර්ෂයක් පසා මෙම හිස තෙල් ගෑමේ  උත්සවය සංවිධානය කරනු ලබන්නේ  මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසිනි. එසේම හිසතෙල් ගැමෙන් අනතුරුව පැමිණි පිරිස සදහා කිරිබත්, කැවිලි ඇතුළු සංග්‍රහයක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සදහා මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරින්, නන්දෙසින් පැමිණි  බැතිමතුන් සඳහා හිසතෙල් ගෑම සිදු කරන්නේ  අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය විසිනි.
තොරතුරු අනුග්‍රහය :- එම්.ඩබ්.කේ.ජයලත් මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි මධ්‍යම නුවරගම් පළාතදිස්ත්රික් මාධ්ය ඒකකය අනුරාධපුරය

 

 facebook 1713413915048 7186578837542592890  facebook 1713414103339 7186579627292717083  FB IMG 1713414157727
 FB IMG 1713414135718  FB IMG 1713414152608  FB IMG 1713414140384

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top