"හදමු අලුත් රටක්" යන තේමාව පෙරදැරි කරගෙන අභිමානවත් 76 වන ජාතික නිදහස් දිනය අනුරාධපුර, සාලියපුර ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී."හදමු අලුත් රටක්" යන තේමාව පෙරදැරි කරගෙන අභිමානවත් 76 වන ජාතික නිදහස් දිනය අනුරාධපුර, සාලියපුර ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
නිදහස් දිනයට සමගාමීව වැඩිහිටි නිවාස භූමියේ දී T.J.C අඹ පැළ රෝපණය කිරිම ද සිදු කළ අතර නේවාසික වැඩිහිටියන් තුන්සියයකට (300) ආසන්න පිරිසකට දිවා ආහාරයද ලබා දෙන ලදී.
උත්රසාලිය විහාරස්ථානයේ විහාරධිපති හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළ අතර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රසාදී විජේසිංහ මහත්මිය, ශාන්ති සෙවණ රජයේ වැඩිහිටි නිවාසයේ අධිකාරි ජේ.ඒ.එස්.ඒ.ජයවීර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරි, ක්ෂේත්‍ර නිලධාරින්, සංවර්ධන නිලධාරි සහ ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරි බොහෝ දෙනෙක් සහභාගී වූහ.
එම්.ඩබ්.කේ.ජයලත් පරිසර සංවර්ධන නිලධාරි මධ්‍යම නුවරගම් පළාත
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්ෂික පිරිත් පිංකම
============================================================
2024 නව වසරට සෙත්පතා වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පිංකම මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 දෙසැම්බර් මස 29 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් විය.උදාවන 2024 නව වර්ෂය වෙනුවෙන් මහ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ රටට, ජාතියට සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සෙත්පතා සර්ව රාත්‍රී පිරිත් සජ්ඣයානාව පවතින ලදී.30 වැනිදා උදෑසන අනුරාධපුර ලංකාරාමාධිකාරි පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමින් වහසේ වරක් ප්‍රමුඛ කොටගත් භික්ෂුන් වහන්සේලා 27 නමක් උදෙසා උදෑසන සාංඝික දානමය පිංකමක් ද පවත් වන ලදී. මේ අවස්ථාව සඳහා මධ්‍යම නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් සංජය ලක්මාල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
තොරතුරු අනුග්‍රාහය - එම්.ඩබ්.කේ.ජයලත් (මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි, මධ්‍යම නුවරගම් පළාත. දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය අනුරාධපුර)
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජගත් පරිසර දිනයට සමගාමීව අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අසල භූ දර්ශනය අලංකාර කිරීමේ වැඩසටහනක් පැවැත්විය. ඒ අභයගිරි විහාරාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශණශූරි කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් හා ප්‍රධානත්වයෙනි.ඒ අනුව සමාධි බුද්ධ ප්‍රතිමාව අසල පූජා භූමියේ "සංසිපා" හෙවත් ඇක්ටේරියා පැළ 100ක් රෝපණය කිරීම සිදු විය.දෙස් විදෙස් සංචාරකයන්ගේ ගත සිත සනසන සමාධි ප්‍රතිමා වහන්සේ තව තවත් සමීප කිරීමට හා ආකර්ෂණීය භූමියක් බවට පත් කෙරලීම අරමුණ කර ගෙන පරිසර දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.මෙම අවස්ථාවේ දී කෙටි අනුශාසනයක් පැවැත් වූ අභයගිරි විහාරාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශණශූරි ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේ දේශනා කර සිටියේ උතුම් පිං බිමක් තුල සිදු කරන පරිසර අලංකාරය, රුක් රෝපණ වැඩසටහන කුසල් වැඩෙන උසස් ක්‍රියාවක් බවත්, රුක් රෝපණය මිනිසාට පමණක් නොව පෘථිවියේ ජීවත් වන සෑම ජීවියෙකුට ම තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන ප්‍රධාන වන ජලය, ආහාර, වාතය සහ ඖෂධ වැනි මූලික දෑ ලැබෙන බවත් එම නිසා බුදුන් වහන්සේ සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ වන රෝප සුත්‍රයේ දී දේශනා කොට ඇත්තේ රුක් රෝපණය කුසල් වැඩෙන උතුම් ක්‍රියාවක් බවයි.මෙකී අවස්ථාව සඳහා සහභාගී වූ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙය මාහැඟි උතුම් පුණ්‍ය කටයුත්තක් බවත් සැදැහැවතුන්ගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් තුන්සිත පහදවාගෙන වන්දනා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට මේ තුළින් හැකියාව ලැබෙන බවයි.රමණීය, සුන්දර පරිසරයක් තුළ ආගමික වතාවත් සිදු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.ජගත් පරිසර දිනයට සමගාමීව ඇක්ටේරියා පැළ රෝපණය සඳහා අනුග්‍රහයක දායකත්වය දක්වන ලද්දේ සීසෙත් පදනමේ සභාපති ගීපද රචක ඉන්දික අප්පුරාළ, ජාතික හරිත පෙරමුණේ වෛද්‍ය පැතුම් කර්නල් යන මහත්වරුන් විසිනි.මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි එම්.ඩබ්ලිව්.කේ.ජයලත් මහතා සහ අභයගිරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු එම්.එච්.පී.ආනන්ද ජයවර්ධන යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණය තුළින් ය. අනුරාධපුර උඩමලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්දන වෑත්තෑව මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සහ අභයගිරි ව්‍යාපෘතියේ නිලධාරි ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ.
තොරතුරු අනුග්‍රහය - මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි එම්.ඩබ්ලිව්.කේ.ජයලත්.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කළ අ.පො.ස.(සා/පෙළ) විභාගය සමත් 2022 - 2024 අධ්‍යන වර්ෂය සඳහා උසස් පෙළ විභාගයට පෙනි සිටින දූ දරුවන් සඳහා "සිප්දොර ශිෂ්‍යත්වලාභි" වැඩසටහනට සමගාමීව "ගීතය තුළින් ජීවිතය දකිමු" යන්න තේමා කරගත් රස වින්දන වැඩසටහනක් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී 2023.06.21 දින පැවැත්විය.
මේ සඳහා කොට්ඨාසයේ තෝරාගත් ශිෂ්‍යත්වලාභි දරුවන් 64 දෙනෙක් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී විය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ අ.පො.ස.(උ/පෙළ) හදාරන දරුවන් මෙම කඩඉම් වසර දෙක අතර මඟ නැවතීම වළක්වා ගැනීමත්, යහපත් ආකල්ප වලින් සංවර්ධිත දරු පරපුරක් රටට දායාද කිරිමත්ය.
"ගීතය තුළින් ජීවිතය දකිමු" වැඩසටහනේ ප්‍රධාන ආරාධිත දේශනය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ඒ.වසන්ත මහතා, සමෘද්ධි මූලස්ථාන කළමනාකරු නදීෂා දිලානි ජයපත්ම මහත්මිය, බැංකු සමිති කළමනාකරු ගයාන් ජී මුදියන්සේ මහතා, සමාජ සංවර්ධන නිලධාරි චන්දන ප්‍රේමසිරි මහතා ඇතුළු සමෘද්ධි අංශයේ නිලධාරි මහත්ම මහත්මින් බොහෝ පිරිසක් සහභාගී විය.
තොරතුරු අනුග්‍රහය - මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි .එම්.ඩබ්.කේ.ජයලත්.
පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන සති පිරිත් පිංකම සමාරම්භ කරමින් පැවැත්වෙන ඓතිහාසික පැන් පෙරහැර මෙවරත් අති සාර්ථක අන්දමින් 2023 මැයි මස 30 වන දින ප.ව.3.00 ඉසුරුමුනි රාජ මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි . දිස්ත්රික්කය තුළ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල අනුග්‍රහයෙන් සිදු කරන මෙම උත්සවයේ සංවිධාන කටයුතු මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි.පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන සති පිරිත් පිංකම සමාරම්භ කරමින් පැවැත්වෙන ඓතිහාසික පැන් පෙරහැර මෙවරත් අති සාර්ථක අන්දමින් 2023 මැයි මස 30 වන දින ප.ව.3.00 ඉසුරුමුනි රාජ මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි . දිස්ත්රික්කය තුළ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල අනුග්‍රහයෙන් සිදු කරන මෙම උත්සවයේ සංවිධාන කටයුතු මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි වලින් ලබා ගන්නා පැන් මෙලෙස මහමෙව්නා උයනේ පිහිටුවා ඇති පිරිත් මණ්ඩපය වෙත රැගෙන එනු ලබයි. මෙලෙස ගෙන එනු ලැබූ පැන් පිරිත් මණ්ඩපයේ තැන්පත් කර ඇති පැන් පාත්‍රයට පුරවනු ලැබුයේ , අටමස්ථානාධිපති , නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අනතුරුවයි. ඒ අනුව අද (30) රාත්‍රීයේ සිට පුරා දින හතක් පිරිත් සජ්ඣායනය පැවැත්වේ. දොරකඩ අස්න පැවැත්වෙන්නේ ජුනි මස 06 වනදා රාත්‍රී 8.00 ට යි. අද පැවැති පැන් පෙරහැරට අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර , ශාමිලා වික්‍රමආරච්චි යන මහත්මීන් , මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමිණි සේනාරත්න , කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී.මැදිවක , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


















































